Friday, March 29, 2024

General line - 0115112241

හිටපු නායකයාගෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට විවේචනයක්




ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කණ්ඩායමේ වර්තමාන හැසිරීම එරටින් බිහිවූ දක්ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු මෙන්ම හිටපු නායකයෙකු ද වන මාර්ක් ටේලර් දැඩි විවේචනයට ලක් කර තිබෙනවා. ඒ ඉකුත් දා දකුණු අප‍්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලියේදී සිදුවූ සිදුවීම් පාදක කරගනිමින්.

කඩුල්ලක් දවා ගැනීමේදී හෝ ජයග‍්‍රහණය සැමරීමේදී හෝ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ හැසිරීම අනුමත කළ නොහැකි බවයි මාර්ක් ටේලර් පවසන්නේ. ඔහු මේ වනවිට ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂවරයා ද වනවා.