Saturday, April 20, 2024

General line - 0115112241

තීරණාත්මක තරගය ගැන පුහුණුකරු කියන කතාව

කසුන් කැලුම්




ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් පිළිබඳ තවදුරටත් විශ්වාසයෙන් සිටින බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා. ඔහු ඒ බව පැවසුවේ නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් තරගාවලියේ හෙට පැවැත්වෙන තරගය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කොළඹ අද (15) පැවැත්වූ මාධ්‍ය හමුවකදියි. 

හෙට තරගය සඳහා කණ්ඩායමේ ඇති සූදානම පිළිබඳව ද අදහස් දැක්වූ පුහුණුකරු පැවසුවේ, පෙර තරගයන්හිදී පන්දු යවන්නන් උපරිම මට්ටමින් ක්‍රීඩා නොකළ බවක් දුටු බවය. ඉදිරි තරගයේදී හොඳින් ක්‍රීඩා කරනු ඇතැයිද ඔහු පැවසුවා.

හෙට තරගයේදී ශ‍්‍රී ලංකාව බංග්ලාදේශය සමග තරග වදිනවා. තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ එම තරගය ජය ගන්නා කණ්ඩායමයි. ඉන්දියාව මේ වනවිටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබෙනවා.