Thursday, April 25, 2024

General line - 0115112241

එංගලන්ත කණ්ඩායම ශ්‍රි ලංකාවේ සංචාරයක

දිනුක් හේවාවිතාරණ- විදෙස් මාධ්‍ය ඇසුරෙන්




එලැඹේන ඔක්තෝම්බර් හා නොවැම්බර් මාසයන්හිදි එංගලන්ත ක්‍රිකටි කණ්ඩායම ශ්‍රි ලංකාවේ තරග සංචාරයක් සදහා පැම්ණිමට නියම්ත බව වාර්තා වනවා. ඒ, ටෙස්ට් තරග 3ක්, එක්දින තරග 5ක් සහ එක් විස්සයි 20 ක තරගාවලියක් සදහායි.

මෙම තරග සංචාරය එක්දින තරග වලින් ආරම්භ වන අතර ඉන් පළමු තරග දෙක රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවැත්විමට නියමිතය. ඉතිරි එක්දින තරග 3 මහනුවර පල්ලකැලේ ජාත්‍යනතර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවැත්වෙන අතර විස්සයි 20 තරගය පමනක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවැත්විමට සැලසුම් කර තිබෙනවා.

ටෙස්ට් තරග 3 පිළිවලින්  ගාල්ල, මහනුවර හා කොළඹ SSC ක්‍රිඩාංගනයේ පැවැත්විමට නියමිතයි.

2014 වසරේදි එංගලන්ත පිලේ ශ්‍රි ලංකා සංචාරයේදී ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සමවු අතර, තරග 7කින් සමන්විත එක්දින තරගාවලිය 5-2ක් ලෙස ජයගැනිමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වුනා.