Wednesday, April 24, 2024

General line - 0115112241

සුපිරි සැමරුමේදී කි‍්‍රකට් ආයතනයට ගුවන් විදුලි මාධ්‍ය හැරෙයි

කසුන් කැළුම්




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට වසර 70ක් සැපිරීම සහ නිදහස් සංවත්සරය සැමරීම සදහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සංවත්සර සැමරුමක් ඊයේ කොළඹ ප‍්‍රධාන පෙලේ හෝටලයක පවත්වා තිබුණා. එ් සදහා සුවිශේෂී වූ පාර්ශ්ව දෙකකට ආරාධනා කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට අමතක වී තිබීම විශේෂත්වයක් ගෙන තිබුනා. වසර 70ක් පුරා මෙරට කි‍්‍රකට් කී‍්‍රඩාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ ගුවන් විදුලි මාධ්‍යයට මෙම සුවිශේෂී සැමරුම් උත්සවය සදහා ආරාධනා කර නොමැති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ. එමෙන්ම වසර ගණනාවක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වෙනුවෙන් සේවය කළ බොහෝ දෙනෙකුට මෙම සැමරුම් උත්සවයට  සහභාගි වන්නට අවස්ථාව හිමිවී තිබුනේ නැහැ.

ශී‍්‍ර ලංකා කිි‍්‍රකට් ආයතනයට වසර 70 ක් සැපිරීම උදෙසා වූ අභිමානය සමරන මොහොතක මෙරට කි‍්‍රකට් උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කළ ගුවන් විදුලි මාධ්‍ය ඔවුන්ට අමතක වීම අනුමත කළ නොහැක්කක් බවයි මෙරට ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩා විචාරකයින් පවසා සිටින්නේ. එමෙන්ම වසර ගණනාවක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ දියුණුව වෙනුවෙන් දරදිය අදිමිනි කැපවීම් කළ බොහෝ සේවකයන්ද මෙම සැමරුම් උත්සවයේදී නොසලකා හැරීම අනුමත කළ නොහැකි බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

ඊයේ පැවති මෙම සැමරුම් උත්සවය සදහා නිදහස් කුසලාන කි‍්‍රකට් තරගාවලිය සදහා එක්ව සිටින බංග්ලාදේශ සහ ඉන්දීය කණ්ඩායම්ද එක්ව සිටියා. ශී‍්‍ර ලංකාව 1996 දිනූ විල්ස් ලෝක කුසලානය මෙන්ම 2014 දී ශී‍්‍ර ලංකාව දිනූ පන්දුවාර විස්ස ලෝක කුසලානයද මෙහිදී ප‍්‍රදර්ශනයට තබා තැබුණා. 

ශී‍්‍ර ලංකා හිටපු කී‍්‍රඩකයින් මෙන්ම 96 විල්ස් ලෝක ලෝක කුසලානය දිනා ගන්නා අවස්ථාවේ ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කළ ඬේව් වට්මෝර්ද මෙම සැමරුම් උත්සවයට පැමිණ සිටියා.

මෙම සුවිශේෂ සැමරුම් උත්සවය සදහා ගුවන් විදුලි මාධ්‍යයට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මාධ්‍ය එ්කකයෙන් විමසීමක් කළා. එහි හිටපු කළමනාකරුවෙකු වන එමෙන්ම දැනට කි‍්‍රකට් මාධ්‍ය ඒකකයේ කටයුතු කරන දිනේෂ් රත්නසිංහම් කියා සිටියේ මෙම සැමරුම් උළෙල සදහා ගුවන් විදුලි මාධ්‍යයට ආරාධනා කර තීරණය කර නොමැති බවයි.මේ සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මාධ්‍ය එ්කකයේ කළමනාකරු ප‍්‍රසන්න රොද්‍රිගෝ ගෙන්ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ තමන් එ් පිළිබදව දැනුවත් නොමැති බවයි. අතපසු වීමක් සිදු වී අත්නම් තමන් එ් පිළිබදව සොයා බැලීමක් සිදු කරන බව ඔහු කියා සිටියා.