Friday, April 19, 2024

General line - 0115112241

සෞදි රජ කුමරිය අල්ලන්න ප්‍රංශයෙන් වරෙන්තු නිකුත් කරයි

දිනුක් හේවාවිතාරණ




සෞදියේ සල්මාන් රජුගේ එකම දියණිය අත්අඩංගුවට ගැනීමට ප්‍රංශය වරෙන්තු නිකුත් කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. වරෙන්තු නිකුත් කර ඇත්තේ සෞදි කුමරිය 44 හැවිරිදි හසා බින් සල්මාන්ටය. මැය සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුගේ වැඩිමල් සොහොයුරියයි.

2016 වසරේ දී ප්‍රංශයේ පැරිස් නුවර සිය පෞද්ගලි නවාතැනේ සේවය කළ සේවකයෙක්ට සිය ආරක්ෂක නිලධාරියා ලවා අමානුෂික ලෙස පහර දුන්නේ යැයි ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.