Saturday, April 20, 2024

General line - 0115112241

ට්‍රම්ප් ඇසුරු කළ නිල් නිළියකට ජීවිත තර්ජන! රහස් හෙළි කළැයි ට්‍රම්ප් අධිකරණයට




අමෙරිකානු ජනාධිපති සමග පැවති සබඳතාවයක් සම්බන්ධයෙන් රහස්‍යභාවය කඩ කර ඇති බව පවසමින්, ජනාධිපතිවරයාගේ නීතීඥයින් විසින් නිල් චිත්‍රපට නිළියකගෙන් වන්දි ඉල්ලා කැලිෆෝනියා දිසා අධිකරණය වෙත පෙත්සමක් ගොනුකර තිබෙනවා. ඒ ප්‍රකට නිල් චිත්‍රපට නිළියක් වන ස්ටෙෆ්නි ක්ලිෆර්ඩ්ට එරෙහිවය.

වාර 20කදී පමණ රහස්‍යභාවය කඩකර ඇති බවටයි ඇයට චෝදනා එල්ල වන්නේ. කෙසේ වෙතත්, ඇය හා ලිංගික සබඳතා නොතිබූ බවට ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර පවසා තිබෙනවා.

මේ වනවිට ඇයට ජීවිත තර්ජනයක් ඇතිව ඇති බවට ඇයගේ නීතීඥයින් පවසන බවයි විදෙස් මාධ්‍ය වාර්ථා කරන්නේ