Thursday, April 25, 2024

General line - 0115112241

ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ වීදුරු දොර කැඩුණු හැටි CCTV කැමරාවේ සටහන්වුණ හැටි

කසුන් කැලුම්




ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ, ශ්‍රීලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අතරතුර, බංග්ලාදේශ කණ්ඩායම සිටි විවේකාගාරයේ වීදුරු දොර කැඩීයන අයුරු සටහන්ව ඇති CCTV දර්ශන පරීක්ෂා කිරීමෙන් අණාවරණය වි ඇත්තේ එය පහරදීමකින් සිදු වූවක් නොවන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචිමාර්ග පවසන්නේ ෂකීබ් අල් හසන් වේගයෙන් දොර විවෘත කිරීමේදී දොර බිත්තියේ වැදීමෙන් මෙම බිදීයාම සිදුව ඇති බවයි. CCTV දර්ශනවලට අනුව, විනිසුරු තීරණයකට නොසතුට පලකරමින් විවේකාගරයට ඇතුළු වූ  ෂකීබ් අල් හසන් පිතිකරු හයේ පහරක් එල්ල කළ විට උද්දාමයට පත්ව වේගයෙන් දොර ඇරගෙන ක්‍රීඩාගාරයට පැමිණ තිබෙනවා. එම අවස්ථාවේදී දොර තදින් බිත්තියේ ගැටෙන අයුරුයි එහි සටහන්ව ඇති බව පැවසෙන්නේ.