Saturday, April 20, 2024

General line - 0115112241

විශ්වාසභංගයට මන්ත්‍රීවරු බිලී බාන්න ඒකාබද්ධ විපක්ෂය තෝරාගෙන ඇති යූඇන්පී සහ ශ්‍රී ලංකා ඇමති සහ මන්ත්‍රී මෙන්න

හේමන්ත කහවලගේ /සමන්ත කුමාර /මේනකා රත්නායක




ඒකාබද්ධ විපක්‍ෂය විසින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනඑන විශ්වාසභංග යෝජනාවට ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන්ගේ සහාය ලබාගැනීම සඳහා අමාත්‍යවරයෙකුට සහ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වෙත පවරා ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා පවසනවා..

 ඒ අනුව විශ්වාසභංගයට සහාය දක්වන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් සම්බන්ධීකරණය කිරීම භාරදී ඇත්තේ අමාත්‍ය එස් බී දිසානායක වෙතයි. එක්සත් ජාතික පක්‍ෂයෙන් විශ්වාසභංගයට සහාය දක්වන මැති ඇමතිවරුන් සම්බන්ධීකරණය කිරීම චතුර සේනාරත්න මන්තී‍්‍රවරයා වෙත පවරා ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

 ඒකාබද්ධ විපක්‍ෂයේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම විසින්. මේ අතර විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් 35 කට වැඩි පිරිසක් ඊයේ දිනයේ අත්සන් තබා ඇති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා නෙත් නිවුස් වෙත කියාසිටියේ.