Friday, April 19, 2024

General line - 0115112241

ජගත් සාමසාධක හමුදාවට එක්වෙන්න  ශ්‍රී ලාංකීක හමුදාවට අවස්ථාව ගිලිහි ගිය බවට පලවූ බොරු වාර්තාවට හමුදාව උත්තර දෙයි  

වසන්ත පිවිතුරු /දිනුක් හේවාවිතාරන




ශී‍්‍ර ලංකා යුද හමුදාවේ භටයන්ට ජගත් සාමසාධක හමුදාව සඳහා එක්වීමට ඇති අවස්ථාවන් මේ වනවිට අවහිර වී ඇති බවට පලවී ඇති මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා.

සාමසාධක හමුදා සඳහා එක්වන සියළුම හමුදා සාමාජිකයන් අමෙරිකාවේ නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතින්ගේ සාමසාධක හමුදා කාර්යාලයෙන් මානව හිමිකම් චෝදනා නොමැති බවට නිෂ්කාශන වාර්තාවක් ලබාගත යුතු බවට ජගත් සාමසාධක හමුදා කාර්යාලය ප්‍රතිපත්තිමය තීරණය කර ගෙන තිබුණා.

එය ශ්‍රී ලංකා හමුදා භටයන්ට පමණක් පැනවූ නීතියක් නොවන බවත් සමස්ත ජගත් සාමසාධක හමුදාව සඳහා එක්වන භටයන් වෙනුවෙන් පනවා ඇති නීතියක් බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් අතපත්තු nethnews.lk කළ විමසීමක දී කියා සිටියේ.

මෙරට භටයින් ජගත් සාමසාධක හමුදාව සඳහා එක්වීමට කිසිදු බාධාවක් නොමැති බව පෙන්වා දුන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙරට භටයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමෙන් නිෂ්කාශන වාර්තාවක් ජගත් සාමසාධක හමුදා කාර්යාලයෙන් ඉල්ලා ඇති බවයි.

එම නිෂ්කාශන වාර්තාව ලබාගැනීමෙන් පසු අදාළ භටයන්ට ජගත් සාමසාධක හමුදාවට එක්වීමේ අවස්ථාව ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් අතපත්තු nethnews.lk වෙත වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා යුද හමුදාවේ භට පිරිස්වලට එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා සඳහා එක්වීමට ඇති අවස්ථාවන් මේ වනවිට අවහිර වී ඇති බවයි මාධ්‍ය වාර්තාවලෙ සඳහන් වුණේ.

, එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා කාර්යාලය ගෙන ඇති තීරණයක් හේතුවෙන් බව සඳහන් වුණා.

සාමසාධක හමුදා සඳහා එක්වන සියළු හමුදා සාමාජිකයන් අමෙරිකාවේ නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතින්ගේ සාමසාධක හමුදා කාර්යාලයෙන් මානව හිමිකම් චෝදනා නොමැති බවට නිෂ්කාශන වාර්තාවක් ලබාගත යුතු වනවා.

එම ආයතනය මෑතකදී තීරණය කර ඇත්තේ අදාළ නිෂ්කාශන වාර්තාව ලබාදීමට පෙර මෙරට මානව හිමිකම් කොමිසමෙන් අදාළ හමුදා සාමාජිකයන් වාර්තාවක් ලබාගත යුතු බවටයි.

එහෙත් ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අවශ්‍ය තොරතුරු නොමැති බැවින් එවැනි වාර්තා කඩිනමින් නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බවයි අනාවරණ වුණේ. මේ හේතුවෙන් මෙරට හමුදා සාමාජිකයන් එක්සත් ජාතින්ගේ සාමසාධක හමුදා රාජකාරීවලට එක් කිරීම මේ වනවිට නතර වී ඇති බව වැඩිදුරටත් අනාවරණ වුණා.