Thursday, April 25, 2024

General line - 0115112241

තමිල්නාඩුවේ එල්ටීටීඊ හිතවාදීන් ලක් රජය පැසසුමට ලක්කරමින් විරෝධතාවයක

වසන්ත පිවිතුරු




මහනුවර සහ අම්පාර ප්‍රදේශවල දී  මුස්ලිම් ජනතාවට එල්ල වූ ප්‍රහාරය හෙළා දකිමින් ඉන්දියාවේ චෙන්නායි නුවරදී අද (17) විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබුණා.

ඒ තමිල්නාඩුවේ එල්ටීටීඊ හිතවාදී දේශපාලන පක්ෂයක් වූ නාම් තමිළර් " පක්ෂයේ නායක චිත්‍රපට අධ්‍යක්ෂ සීමාන්ගේ ප්‍රධානත්වයෙන්.

චෙන්නායිවල පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වටලමින් මෙම විරෝධතා ව්‍යාපාරය පැවැති බවයි ඉන්දිය වාර්තා සඳහන් කරන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් ද ඔවුන් මෙම විරෝධයේ දී අදහස් පල කර තිබෙනවා.

එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ ප්‍රමාද වී හෝ ශ්‍රී ලංකා රජය ගැටළුව විසඳීමට මැදිහත් වීම ගැන තමන් සතුටු වන බවයි.

හදිසි නීතිය බලාත්මක කිරිමෙන් වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරිම අගය කළ යුතු බවත් එම තීරණය රජය විසින් නොගෙන සිටියේ නම් රට තුළ විශාල අරගලයත් ඇති වීමේ අවස්ථාව පැවැති බවත් සීමාන් පෙන්වා දී තිබෙනවා.

මහනුවර දී ඇති වූ ගැටළුව ජාතිවාදය ඉස්මතු කිරිමේ අරමුණින් සිදුකර ඇති බව හොඳින් යන්නා බව පෙන්වා දුන් තමිල්නාඩුවේ එල්ටීටීඊ හිතවාදීන් මෙරට රජයෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලාංකීක දෙමළ ජනතාවට අත්වූ ඉරණම මුස්ලිම් ජනතාවට ද නොවන අන්දමින් වග බලාගන්නා ලෙසයි.