Wednesday, April 24, 2024

General line - 0115112241

හදිසි නීති අදින් අවසන් වන ලකුණු

හේමන්ත කහවලගේ




රටේ ආරක්ෂක තත්ත්වය යහපත් බවට පත්ව ඇති හෙයින් හදිසි අවස්ථා රෙගුලාසි යළි අවලංගු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයීය ආරංචි මාර්ග කියා සිටියේ මේ වනවිටත් ඊට අදාළ කටයුතු සිදු කරමින් පවතින බවයි.

මහනුවර ඉකුත් දා ඇති වූ සිද්ධියත් සමග රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට රජය ඉකුත් දා තීරණය කළා.

, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණයකට අනුවයි. ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා අද (17) රාත්‍රියේ යළි දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරයා දිවයිනට පැමිණිමෙන් අනතුරුව හදිසි අවස්ථා රෙගුලාසි යළි අවලංගු කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා විසින් අත්සන් තබනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

හදිසි නීති රෙගුලාසි අවලංගු කිරීමට හෝ බලාත්මක කිරීමට ජනාධිපතිවරයා දිවයිනේ රැ`දී  සිටිය යුතුයි.

හදිසි නීති රෙගුලාසි අවලංගු කිරීම සහා වන ගැසට් නිවේදනයට අවශ්‍ය සියලූ කටයුතු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු විසින් සූදානම් කර තිබෙනවා.