Saturday, April 20, 2024

General line - 0115112241

රටේ පුරවැරසියන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තහවුරු කරනවා




සියලූ පුරවැරසියන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට ශ්‍රී ලංකා රජය නිරන්තරයෙන් බැඳී සිටින බව නීතිය හා සාමය පිළිබ අමාත්‍යංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංහය පැවසුවේ කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් වෙනත් පාර්ශවයකට හිරිහැරවන ආකාරයෙන් කටයුතු කරන්නේනම් ඒ පිළිබඳව ජාතික පොලිස් කොමිසම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සහ ශ්‍රී ලංකා පොලිසියේ  විශේෂ පරීක්ෂණ ඒකකකයට දැනුම් දී ඇති බවයි.

පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පවතින නීති රාමුව තුළ ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි නීතිය හා සාමය පිළිබඅමාත්‍යංශය පැවසුවේ.