Friday, April 19, 2024

General line - 0115112241

බංග්ලාදේශය ශ්‍රී ලංකාවෙන් සමාව අයදියි

කසුන් කැලුම්




ශ්‍රී ලංකාව සමග ඊයේ (16) පැවති තරගයේදී ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමාව අයැද සිටිනවා. මෙහිදී බංග්ලාදේශ ක්‍රීඩකයින්ගේ හැසිරිම තමන් ද අනුමත නොකරන බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතිනනේ ඉහල මිතුදමක්. මෙම තරගයෙන් අනතුරුව ශකීබ් අල් හසන් සහ අතිරේක ක්‍රීඩක නුරිල් ඉස්ලාම් තමන් අතින් වු වරද පිළිබව අන්තර්ජාතික ක්‍රිකට් කවුනසිලයෙන් ද සමාව අයැද තිබෙනවා.

මේ අතරශ්‍රී ලංකාව සමග ඊයේ (16) පැවති පන්දුවාර 20 තරගයේදී විනය විරෝධි ලෙස හැසිරුණු නායක ශකීබ් අල් හසන්ට සහ නුරුල් ඉස්ලාම්ට දඩ නියම කළා. තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක් නියම කර ඔවුන්ට අසාදු ලකුණක් එක් කිරීමයි ෂක‍ක‍ය තීරණය කළේ.

අවසන් පන්දුවාරයේදී මෙම බංග්ලාදේශ ක්‍රීඩකයින් දෙපළගේ හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි ක්‍රිකට් විචාරකයින් ද පෙන්වා දී තිබුණේ. එහිදී විනිසුරුවරයා විසින් ලබා දුන් තීරණයක් මෙම ගැටුමට මුල් වී තිබුණා. ශකීබ් අල් හසන් ඊට දැඩි ලෙස විරෝධය පළ කරමින් ක්‍රීඩා පිටියේ රැ`දී සිටි මහමදුල්ලා සහ රුබල් හුසේන්ට පිටියෙන් ඉවත් වන ලෙස දන්වා සිටියා. එය අතරතුරදී දඩ නියම කෙරුණු නුරුල් හසන් ශ්‍රී ලංකා  නායක තිසර පෙරේරා සමග උණුසුම් වචන හුවමාරුවක ද නිරත වුණා.

පසුව තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව නුරුල් හසන්, කුසල් මෙන්ඩිස් සමග ද ගැටුමකට මුලපුරන ආකාරයක් ද දක්නට ලැබුණා.

බංග්ලාදේශ කණ්ඩායම සිය ජයග්‍රහණය සමරන අවස්ථාවේ ඔවුන්ගේ ක්‍රීඩාගාරයේ වීදුරු දොරටුවකටද හානි වී තිබුණා. සී සී ටී වී දර්ශන මගින් පෙනී ගොස් ඇත්තේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වූ ශකීබ් අල් හසන් එක්වරම වීදුරු දොරටුව වේගයෙන් විවර කර ක්‍රීඩාංගණයට පිවිසීමේදී දොරටුව බිත්තියේ වැදී බි`දී ගොස් ඇති බවයි.

මෙම තරගයේදී බංග්ලාදේශ ක්‍රීඩකයින් ක්‍රීඩා පිටියේදී මෙන්ම ක්‍රීඩාගාරයේදීත් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානිදායක අයුරින් හැසිරී ඇති බවයි ජාත්‍යන්තර විස්තර විචාරකයින් පවසා තිබුණේ.