Thursday, April 25, 2024

General line - 0115112241

නෙල්සන් මැන්ඩෙලා ස්ථාපිත කළ වැඩිහිටි සංවිධනය ලක් රජයෙන් කළ ඉල්ලීම

වසන්ත පිවිතුරු




ශ්‍රී ලංකාවේ වැරදිකරුවන් දඬුවම්වලින් නිදහස් වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බැවින් එම තත්ත්වය වළක්වා ගැනීමට ලක් රජය පියවර ගත යුතු බව ජාත්‍යන්තර සංවිධානයක් ඉල්ලීමක් කර තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා විසින් 2007 වසරේ දී ස්ථාපිත කරනු ලැබු the elders නැමති වැඩිහිටි ජාත්‍යන්තර සංවිධානය විසිනුයි මෙම ඉල්ලීම කර ඇත්තේ.

පසුගිය දිනවල මහනුවර සහ අම්පාර යන ප්‍රදේශවල සිදුවූ සිද්ධින් සම්බන්ධයෙන් කරුණු දක්වමින් the elders සංවිධානය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට නිසි දඬුවම් ලබාදීමට රජය කටයුතු කිරිම සුදුසු බවයි.

එය සිංහල හෝ මුස්ලිම් වේවා දෙපාර්ශ්වයෙන් වැරදි කර ඇත්නම් ඔවුන් නීතියේ මිදිමට ඉඩ නොතැබිය යුතු බවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමෙන් මෙවැනි සිද්ධින් ඉදිරියේ දී වළක්වා ගත හැකි බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

කිසිඳු පාර්ශ්වයකට නීතිය තම අතට ගෙන කටයුතු කිරිමේ හැකියාව  නොමැති බවද එම සංවිධානය කියා සිටියා.

එසේ නොවන්නේ නම් මෙය ආදර්ශයක් කරගනිමින් රටේ අනෙකුත් ස්ථානවල ද මෙම සිද්ධියට සමාන ක්‍රියා ව්‍යාප්ත වීමට ඉඩ ඇති බව ද the elders සංවිධානය සඳහන් කර තිබෙනවා.