Thursday, April 25, 2024

General line - 0115112241

නේපාලය එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙයි




දැනට පැවැත්වෙන ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් අනතුරුව නේපාලය නිල වශයෙන් එක් දින ජාත්‍යන්තරය තරග පිටියට පිවිසෙන බව අයි.සී.සී. ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.

ඒ සමගම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ඇතුලු බොහෝ දෙනා නේපාල කණ්ඩායමට සුභ පතා තිබුණා.

වසර කිහිපයක් ප්‍රමාද වී හෝ නේපාලය එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීම ගැන දැඩි සතුටක් දැනෙන බව වසර දහයක් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ,  ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රහාරාත්මක පිතිකරුවෙකු සහ උප නායකයෙකු වන රෝයි ඩයස් ද පවසා තිබෙනවා.

ඒ අනුව නේපාලය එක් දින ජාත්‍යන්තර පිටියට එක්වන 13 වෙනි රට බවට පත්වන අතර, ඒ අතරින් හයක්ම ආසියානු රටවල් වීම විශේෂත්වයක්.