Thursday, April 25, 2024

General line - 0115112241

නිදහස් කුසලාන අවසන් මහ තරගයේ ජය ඉන්දියාවට (UPDATE)

වසන්ත පිවිතුරු




නිදහස් කුසලාන 20 විස්ස අද (18) පැවති අවසාන මහ තරගය කඩුළු 04න් ජය ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා. පන්දුවට පළමුවෙන් පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඉන්දිය කණ්ඩායමට ලකුණු 167ක ඉළක්කයක් ලබාදුන්නා.

සිය ඉළක්කය සපුරා ගැනීම සඳහා පිටියට පිවිසි ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 168 රැස්කළා.

අද (18) තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ඉන්දියාව පළමුව පන්දු රැකිමට තීරණය කළ අතර පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 166 ක් රැස් කළේ කඩුළු 05ක් දැවි යාමේන්.

මෙහිදී බංග්ලාදේශ කණ්ඩායමේ සබීර් රෙහෙමාන් ලකුණු 77ක් රැස් කළේ පන්දු 50කදී හතරේ පහර 07ක් සහ හයේ පහර 04ක් සමගින්.

මහමදුල්ලා ලකුණු 21ක් රැස් කළ අතර තමින් ඉක්බාල් ලකුණු 15ක් රැස් කළා.

හසන්නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 19යි.

පන්දු යැවීමේදී දඟ පන්දු යවන ක්‍රීඩක යුශ්වේන්ද්‍ර චාහල් පන්දුවාර 04 තුල ලකුණු 18කට කඩුලු 03ක් බිඳ දැමුවා.

ජාදෙව් උනට්කට් කඩුලු 02ක් බිඳ හෙළිමට සමත්වුණා.

----------------------

ඉන්දියාව  55/2 (18-03-2018 21:00) 

සිය ඉළක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි ඉන්දිය කණ්ඩායම පන්දුවාර 05ක් අවසානයේ කඩුළු 02ක් අහිමි කර ගත්තා.

ඒ අනුව ඉන්දිය කණ්ඩායම ලකුණු 55 ක් රැස්කළා.

--------------------

ඉළක්කය ළඟාකර ගැනීමට ඉන්දිය පිල පිටියට (18-03-2018 21:00)

නිදහස් කුසලාන 20 විස්ස අද (18) තරගයේ සිය 167 ක ඉළක්කය සපුරා ගැනීම සඳහා ඉන්දිය කණ්ඩායම මේවන විට පිටියට පිවිස තිබෙනවා.

ඒ අනුව ඉන්දිය කණ්ඩායම පළමු පන්දුවාර 02ක් අවසානයේ ලකුණු 24ක් රැස් කළා.

------------------

ඉන්දියාවට 167 ක ඉළක්කයක් (18-03-2018 20:48)

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන නිදහස් කුසලාන 20 විස්ස අවසන් මහ තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 166ක් ලබාගෙන සිටිනවා.

ඒ කඩුළු 08 ක් දැවී යාමෙන්.

කෙසේ වෙතත් පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට ලකුණු 167ක ඉළක්කයක් ලබාදී තිබෙනවා.

අද (18) තරගයේ කාසියේ වාසිය ඉන්දිය කණ්ඩායමට හිමි වු අතර ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

තවත් නොබෝ වේලාවකින් ඉන්දිය කණ්ඩායම සිය 167ක ඉළක්කය හඹා යාම සඳහා පිටියට පිවිසීමට නියමිතයි.

----------------------

බංග්ලාදේශයට කඩුළු 3ක් අහිමි වෙයි (18-03-2018 19:30)

 

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන නිදහස් කුසලාන 20 විස්ස අවසන් මහ තරගයේ මේවන විට පන්දුවට පහර දෙන බංග්ලාදේශයට කඩුළු 3ක් අහිමි වී තිබෙනවා.

ඒ පන්දුවාර 5ක් අවසානයේදීයි.

බංග්ලාදේශය කණ්ඩායම මේවන විට ලකුණු 35ක් ලබාගෙන සිටිනවා.

------------------

නිදහස් කුසලාන අවසන් සටන ඇරඹේ  (18-03-2018 19:04)

නිදහස් කුසලාන 20 විස්ස තරගාවලියේ අවසන් මහ තරගය මේවන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වී තිබෙනවා.

තරගය ඉන්දියාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතරයි පැවැත්වෙන්නේ.

අද (18) තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දිය කණ්ඩායම මුලින් පන්දු රකින්න තීරණය කිරිමත් සමග බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසියා.

පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම මේවන විට ලකුණු 22 ක් ලබාගෙන සිටිනවා.

බංග්ලාදේශය වෙනුවෙන් ලින්ටන් ඩාස් සහ තමින් ඉක්බාල් ඉන්දිය කණ්ඩායම හමුවේ පන්දුවට පහර දෙමින් සිටිනවා.

---------------------

අවසන් සටනේ කාසියේ වාසිය ඉන්දියාවට (18-03-2018 18:04)

නිදහස් කුසලාන 20 විස්ස කි‍්‍රකට් තරගාවලියේ අද (18) පැවැත්වෙන අවසන් මහ තරගයේ කාසියේ වාසිය ඉන්දියාව දිනා ගත්තා.

ඒ අනුව ඉන්දිය කණ්ඩායම මුලින් පන්දු රකින්නට තීරණය කළා.

කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී  මෙම තරගය පැවැත්වෙනවා.