Friday, March 29, 2024

General line - 0115112241

කංසා ඉල්ලුම දිනෙන් දින ඉහළ යන නිසා වගා කිරිම සම්බන්ධයෙන් අවදානය යොමු වෙයි

වසන්ත පිවිතුරු




දේශීය ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඖෂධ පැලෑට් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ උතුරු මැද පළාත් ප්‍රාදේශීය කාර්යාලය සහ අලෙවි සැල අනුරාධපුර බැංකු පරිශ්‍රයේදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබුවා.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ,  ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ජනවාරි මාසයේ දී රුපියල් මිලියන 2.5 ක ආදායමක් ලබා තිබෙනවා. ආයුර්වේද නිෂ්පාදන සදහා විශාල ඉල්ලුමක් දේශීයව මෙන්ම විදේශීයව ද පවතිනවා. දේශීය ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය ඖෂධ පැලෑට් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අපි කටයුතු යොදා තිබෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් ඔසු උයන් ද වගා කරනවා. අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්ක පුරා ඉඩම් අක්කර 1000 ක පමණ ආයුර්වේද ඖෂධ පැළෑටි වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.

එමගින් ස්වයං රැකියා ද තරුණ තරුණියන්ට ලැබෙනවා. කෝමාරිකා වගා කිරීම ද මේ අතර සිදු කිරීමටයි සැළසුම් කර ඇත්තේ. කෝමාරිකා අස්වනු නෙළීමට ගත වන්නේ මාස 06 ක කාලයක්. එමගින් විශාල ආදායමක් ලබාගන්න පුළුවන්. 2017 වසරේ දී ලෝකයේ ආයුර්වේද ඖෂධ ඇමරිකානු ඩොලර් බිලියන 26 ක් අලෙවි කර තිබෙනවා. එය වසර 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 100 ඉක්මවනවා.

කංසා වගා කිරීම පිළිබඳව අපි අවධානය යොමු කර තිබෙනවා. යුරෝපා රටවල ලොකු ඉල්ලුමක් තිබෙනවා කංසාවලට. ස්නායු රෝග සඳහා කංසා ඖෂධය උචිත බව වෛද්‍ය මතයයි."

"කංසා දුම ඉරීම, උචිත නොවූවත් ඖෂධ වශයෙන් භාවිත කිරීම උචිත බව ආයුර්වේදයේ සදහන් වෙනවා. බ්‍රිතාන්‍ය ජාතිකයින් ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට පෙර අපේ රටේ ජනතාව කංසා ඖෂධයක් ලෙස භාවිත කළා.

ඇතැම් අය එය පානය කළා. නමුත් බ්‍රිතාන්‍ය ජාතිකයින් දුම්කොළ වගාව ප්‍රචලිත කිරීම සමග කංසා වගා කිරීම තහනම් කළා. එම නීති රීති තමයි අදත් ක්‍රියාත්මක වන්නේ. නමුත් කංසා සඳහා විශාල ඉල්ලූමක් පවතිනවා.

ආයුර්වේදය සඳහා අවශ්‍ය අබිං පවා ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදුව තිබෙනවා.