Friday, March 29, 2024

General line - 0115112241

මාදම්පේ උණුසුම් වෙයි

ජුඩ් සමන්ත - පුත්තලම




පුත්තලම - මාදම්පේ පැරණි නගරයේ ආරක්ෂාව සඳහා අමතර පොලිස්‍ කණ්ඩායම් කිහිපයක් කැඳවා ඇති බව මාදම්පේ පොලීසිය පවසනවා. ඒ ප්‍රදේශයේ ආරක්ෂා සම්බන්ධයෙන් සැලකිල්ල යොමු කරමින් බවයි පොලිසිය කියා සිටියේ.

ඊයේ (18) සවස බීමත් පුද්ගලයෙකු විසින් වයස අවුරුදු 77 ක් වන අයෙකුට පහර දීමේ සිද්ධියක් හේතුවෙන් නගරය තුළ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණා.

පහර කෑමට ලක්ව ඇති මාදම්පේ - තනියවල්ලභ ගම පදිංචිව සිටි කුරුප්පුආරච්චිලාගේ සෝමපාල යන අය ප්‍රතිකාර සඳහා මාදම්පේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට මාරු කර යවා තිබෙනවා.

පහර දීම සිදු කළ බව කියන 28 හැවිරිදි පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. සිද්ධිය වන විට ඔහු මත්පැන් පානය කර සිට ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් පසු ප්‍රදේශයේ යම් නොසන්සුන් තත්ත්වයක් දැක ගැනීමට හැකි වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබෙනවා.