Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දු - බංගලියන්ගේ සටන දකින්න ජනපතිත් එක්වෙයි 

වසන්ත පිවිතුරු




නිදහස් කුසලාන විස්සයි 20 අවසන් මහ තරගය නැරඹීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඊයේ (18) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පැමිණියා. එම අවස්ථාවට මෙරට සිටින බංග්ලාදේශ තානාපතිවරයා ඇතුළු මෙරට මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා.

ශ්‍රි ලංකාවේ 70 වැනි ජාතික නිදහස සැමරීම වෙනුවෙන් නිදහස් කුසලාන විස්සයි 20 තුන්කෝන් තරගාවලිය සංවිධානය කර තිබුණා.

එම තරගය සඳහා සත්කාරකත්වය ලබාදුන්නේ ශ්‍රී ලංකාවයි.

කෙසේ වෙතත් ඊයේ (18) පැවැත්වූ නිදහස් කුසලාන විස්සයි 20 තුන්කෝන් තරගාවලියේ අවසන් මහ තරගය ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා. ඒ කඩුළු 04කින්.

ඒ අනුව ඉන්දියාව ලකුණු 168ක් ලබා ගනිමින් ජය තහවුරු කළා.