Friday, April 19, 2024

General line - 0115112241

සිව්වැනි වරටත් රුසියාවේ බලය පුටින්ගේ අතට




රුසියාවේ පැවැති ජනාධිපතිවරණයෙන් එරට වත්මන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිව්වැනි වරටත් ජනාධිපතිවරයා ලෙස තේරිපත් වී තිබෙනවා. ඒ 73.9% ඡන්ද ප්‍රතිශතයකින්. පසුගිය 2012 වසරේ දී රුසියාවේ පැවති ජනාධිපතිවරණය හා සසඳා බැලීමේ දී මෙය ව්ලැදිමීර් පුටින් ලැබු විශාල ජයග්‍රහණයක් බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මෙම ජයග්‍රහණයත් සමග රුසියාවේ වත්මන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එරටේ තවත් වසර 06ක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇති.

කෙසේ වෙතත් ඊයේ (18) ආරම්භ වූ රුසියානු ජනාධිපතිවරණයෙන්, වත්මන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජය ගනු ඇතැයි පූර්ව සමීක්ෂණ වාර්තා ද මත පල කර තිබුණා.

රුසියානුවන්ගෙන් සියයට 70ක්ම පැවසුවේ පුටින් යළි ජනපති වනු ඇති බවයි.

මෙවර ඡන්ද විමසීමේදී ඡන්දය භාවිත කිරීම සඳහා රුසියානුවන් මිලියන 107ක් සුදුසුකම් ලබා තිබුණා. ස්ථාපිත කර තිබූ ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 97,000ක්.

ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අමතරව මෙවර ජනාධිපතිරවණය සඳහා අපේක්ෂකයින් 7 දෙනෙකු සහ එක් අපේක්ෂිකාවක් ඉදිරිපත්ව සිටියා. යුක්රේනයෙන් ඈඳාගත් ක්‍රයිමියාව තුළද ඊයේ (18) පළමුවරට රුසියානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වීම විශේෂත්වයක්.