Tuesday, April 23, 2024

General line - 0115112241

සනත් නිශාන්ත සහ සහෝදරයා රිමාන්ඩ්

ජූඩ් සමන්ත - පුත්තලම




පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා යන දෙදෙනාව මැයි මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත මහාධිකරණ විනිසුරුවරයා අද (19) නියෝග කළා.

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට සහ ඔහුගේ සහෝදරයාට එරෙහිව හලාවත මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතර එම නඩුවේදී ඇප ලබා දීමේදී සෑම සතියකම ඉරිදා හලාවත පොලීසියට පැමිණ අත්සන් කළ යුතු බවට කොන්දේසියක් පනවා තිබුණා.

2017අගෝස්තු මාසයේ සිට පොලීසියට පැමිණ අත්සන් නොකිරීම ඔවුන් දෙදෙනාට එල්ල වූ චෝදනාවයි.