Thursday, April 25, 2024

General line - 0115112241

"කොස් මල්ලිගේ" සිරුර ගොඩ ගනියි: හිස කොළඹට ගෙනා හැටිත් හෙළි වෙයි

දිනුක් හේවාවිතාරණ / ඩිල්ශාන් මඩවල




පසුගියදා කොළඹ, අළුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල තිබි සොයා ගත් මිනිස් හිසෙහි හිමිකරු බවට සැකකරන "කොස් මල්ලි" නමැත්තාගේ මළ සිරුර අගුණකොලපැලැස්ස ප්‍රදේශයේ වල දමා තිබියදි සොයා ගැනිමට පොලිසිය අද (19) සමත් උනා. ඒ, අගුණුකොලපැලැස්ස මහේස්ත‍්‍රාත් කුෂිකා කුමාරසිරි ඉදිරියේයි. 

මෙම කඳ කොටසින් වෙන් කෙරුණු බව කියන හිස මීට පෙර කෙසෙල්වත්ත ප‍්‍රදේශයේදී සොයා ගැණුනා. මූලික විමර්ශනවලින් අනාවරණ කර ගෙන තිබෙන්නේ ඝාතනය සිදුකිරීමෙන් පසු සැකකරුවන් ඝාතනය කෙරුණු තැනැත්තාගේ හිස සහ කඳ වෙන් කර හිස මෝටර් රථයකින් කොළඹට එවා  තිබෙන අතර කඳ පුළුස්සා අගුණුකොලපැලැස්ස ප‍්‍රදේශයේ කෙසෙල් ඉඩමක වළ දැමූ බවද විමර්ශනවලදී අනාවරණ වුනේ.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගැණුනු අතර රැදවුම් නියෝග යටතේ ඔවුන්ගෙන් තවදුරටත් ප‍්‍රශ්න කෙරෙන බවයි පොලීසිය පවසන්නේ. හිසෙන් වෙන් කෙරුණු කඳ කොටස වළ දැමූ ස්ථානය හදුනාගෙන ඇත්තේද මෙම සැකකරුවන් ලබාදුන් තොරතුරු අනුවයි. ඔවුන් පාතාල නායකයෙකු බවට සැලකෙන සමරසිංහ ආරච්චිගේ මහේෂ් ලක්‍ෂිත නොහොත් මාකුදුරේ මදුෂ්ගේ සහායකයන් බවටද විශ්වාස කෙරෙනවා.