Friday, March 29, 2024

General line - 0115112241

රටට වැඩිපුර පැමිණෙන සංචාරකයින් මෙන්න

දිනුක් හේවාවිතාරණ




පසුගිය වසරට සාපේක්ෂව 2018 වසරේ පළමු මාස දෙකක කාලය තුල මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ඉහල ගොස් තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සදහන් කරනවා.

නවතම දත්ත වාර්තා අනුව මේ වසරේ පෙබරවාරි මාසය තුළ දී දෙලක්ෂ තිස්පන්දහස් හයසිය දහඅටක (235,618) විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. එය 2017 වසරේ පෙබරවාරි මාසයේ දී මෙරටට පැමිණ තිබූ එක්ලක්ෂ අනූහත්දහස් පන්සිය දාහතක (197,517) සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී සියයට 19.3 ක වර්ධනයක් බවයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සදහන් කරන්නේ.

මෙම වාර්තාවන්ට අනුව 2018 වසරේ පළමු මාස දෙක තුළ දී හාරලක්ෂ හැත්තෑ හතරදහස් පන්සිය හතළිස් දෙකක සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. එය පසුගිය වසර හා සැසඳීමේ දී සියයට 13.8 ක ඉහළ යාමක් වෙනවා.

පෙබරවාරි මාසය තුළ දී පැමිණ ඇති සංචාරකයින්ගෙන් සියයට 15 ක් චීන සංචාරකයික් වන අතර එය 35,883 කි. මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය ඉන්දීය සංචාරකයින් හිමිකම් කියන අතර එලෙස ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය 32,383 වනවා.

පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගෙන් සියයට 52 ක්ම පැමිණ තිබෙන්නේ යුරෝපා කලාපයෙන් බවයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සදහන් කරන්නේ.