Friday, April 19, 2024

General line - 0115112241

අගමැතිට එරෙහි විශ්වාසභංයේදී UNP කරන්න යන දේ හෙළි කරයි

පසන් නන්දුල




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන බව කියන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අමාත්‍ය පී හැරිසන් අද (19) ප‍්‍රතිචාර දැක්වුවා. මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීමකදී ඔහු අවධාරණය කළේ එක්සත් ජාතික පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් කිසිවෙකු හෝ මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකරන බවයි. ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් මන්තී‍්‍රවරුන් පවා ඊට අත්සන් කරන්නේද නැද්දැයි දෙගිඩියාවකින් පසුවන බවද අමාත්‍යවරයා පැවසුවා. 

විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට භාරදුනහොත් ඒ පිළිබද විවාද කර ඡන්ද විමසීමකට මුහුණුදීමට එක්සත් ජාතික පක්‍ෂය ඕනෑම විටෙක සූදානම් බවද අමාත්‍ය පී හැරිසන් මෙහිදී කියාසිටියා.