Wednesday, April 24, 2024

General line - 0115112241

මහනුවර ගැටුම් වලට අත්අඩංගුවේ සිටි 8 කට ඇප: 16 ක් රිමාන්ඩ්

ආර්. ඩබිලිව්. නිශ්ශංක




මහනුවර සහ අවට ප‍්‍රදේශවල ඉකුත්දා ඇති වූ ගැටුම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයින් 8 දෙනෙකු අද (19) නිදහස් කෙරුණා. ඒ, තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් අනුවයි. 

මෙම ගැටුම් සම්බන්ධයෙන් පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටියා. ඔවුන් සියලූදෙනාම තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරුණු අතර නිදහස් කෙරුණු 8 දෙනා හැර අනෙක් 16 දෙනාම තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමටයි එහිදී නියෝග කෙරුණේ. 

මෙම පුද්ගලයින් අද තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන අවස්ථාවේ ඒ අවට දැඩි පොලිස් ආරක්‍ෂාවක්ද යොදවා තිබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.