Thursday, March 28, 2024

General line - 0115112241

මහනුවර - අම්පාර ගැටුම් ගැන අගමැති සාකචිඡා කරයි

ඩිල්ශාන් මඩවල




මහනුවර සහ අවට ප‍්‍රදේශවලත් අම්පාර ප‍්‍රදේශයේත් ඉකුත් දිනවල ඇති වූ ගැටුම් සම්බන්ධයෙන් අග‍්‍රමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (19) සාකචිඡාවක් පැවැත්වුණා. අරලියගහ මන්දිරයේදී මෙම සාකචිඡාව පැවති බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. 

අදාළ ගැටුම් සම්බන්ධයෙන් මේ දක්වා ගෙන ඇති නීතිමය පියවර සහ ඉදිරියේදී මෙවැනි සිද්ධීන් වළක්වා ගැනීමට ගතයුතු පියවර මෙහිදී සාකචිඡා කර තිබෙනවා. වන්දි ගෙවීම් කඩිනම් කිරීම සම්බන්ධයෙන්ද සාකචිඡා සිදු කෙරුණු බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් කියාසිටියේ. 

අමාත්‍යවරුන් කිහිප දෙනෙකු, රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහ මුස්ලිම් නියෝජිතයන් පිරිසක් මෙම සාකචිඡාවට සහභාගිවී තිබෙනවා.