Friday, April 19, 2024

General line - 0115112241

එජාප ප්‍රතිසංවිධානයේ 3 වන වාර්තාවත් භාරදෙයි

හේමන්ත කහවලගේ




එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු කමිටු තුනෙන් තවත් කමිටුවක වාර්තාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත අද (19) භාරදී තිබෙනවා. 

මෙම කමිටුව පත්කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධනගේ ප‍්‍රධානත්වයෙන්. බන්දුලාල් බණ්ඩාරිගොඩ, ලකී ජයවර්ධන, වඩිවේල් සූරේෂ්, කාවින්ද ජයවර්ධන සහ සංදීප් සමරවික‍්‍රම යන මන්තී‍්‍රවරුන්ද එහි සාමාජිකත්වය දැරුවා. 

එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කෙරුණු කමිටු ගණන 3 ක්. ඒවායින් දෙකක වාර්තා මීට පෙර අග‍්‍රාමාත්‍යවරයා වෙත භාරදෙනු ලැබුවා.