Saturday, April 20, 2024

General line - 0115112241

වගකීම් නිසි ලෙස ඉටුකරන්නැයි අගමැතිවරයා නව සභිකයන්ගෙන් ඉල්ලයි




ජනවරමට සාධාරණයක් ඉටුකර සිය වගකීම් නිසි ලෙස ඉටුකරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මහ නගර සභාව සදහා තේරී පත් වූ එක්සත් ජාතික පක්ෂයේ සභිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

අගමැතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ මහ නගර සභාව සඳහා තේරී පත් වූ සභිකයින්ගේ දිවුරුම්දීමේ අවස්ථාවට ඊයේ (19)එක්වෙමින්.

බයිසිකලෙන් පළාජත් පාලන ආයතනවලට පැමිණ බෙන්ස් කාරයෙන් ආපසු යාම ගැන නොසිතා ජනතාවට සිදුකළ යුතු සේවය ගැන අවබෝධයෙන් කටයුතු කරන ලෙසයි මෙහිදී අගමැතිවරයා ඉල්ලා සිටියේ.

ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරිමට වග බලා ගන්නා ලෙස ද අගමැතිවරයා පළාත් පාලන ආයතන සඳහා තේරිපත් වූ නව සභිකයන් වෙත මෙහිදී සිහිපත් කළා.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස තේරී පත් වූ රෝසි සේනානායක ද මෙහිදී අදහස් දැක්වුවා.

ඇය කියා සිටියේ කොළඹ ජීවත් වන බහු ජාතික ජනතාවගේ සංස්ඛාතියන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය සේවය ඉටු කිරිමට කැපවන බවයි.