Friday, March 29, 2024

General line - 0115112241

ෆේස්බුක් කඩා වැටෙයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් වාර්තා ඇසුරෙන්




ලොව ප්‍රසිද්ධ සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් සමාගමේ කොටස් වෙළද පොල වටිනාකම කඩා වැටිමකට ලක්ව තිබෙනවා. වසර 04 කට පසුව එම සමාගම ලැබු දරුණුතම කඩා වැටීම මෙය වන අතර එම සමාගමේ කොටස් අගය 7%කින් පහත වැටී තිබෙනවා. එම කඩාවැටීමත් සමග ෆේස්බුක් හිමිකරු වන මාර්ක් සකර්බර්ග් හට සිදුවු පාඩුව ඇමෙරිකානු ඩොලර් බිලියන 05ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

කොටස් වෙළඳ පොළේ කඩා වැටිමත් සමග මාර්ක් සකර්බර්ගේ වත්මන් ශුද්ධ වත්කම ඩොලර් බිලියන් 69.5ක් දක්වා පහත වැටුනු බවයි සුප්‍රසිද්ධ ෆොබ්ස් සමාගම සදහන් කරන්නේ.

ඇමෙරිකානු ජනාධිපතිවරණයේදි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු භාරව සිටි "Cambridge Analytics" ආයතනය විසින් නීති විරෝධි අයුරින් ෆේස්බුක් ගිණුම් මිලියන 50 ක දත්ත පරීශිලනය කළ බවට පසුගියදා වාර්තා විමත් සමග ෆේස්බුක් සමාගම දැඩි අර්බුධකාරි තත්වයකට මුහුණ පෑමට සිදුවුනා. මෙලෙස ගිණුම් හිමියන්ගේ තොරතුරු නීති විරෝධි අයුරින් පරිශීලනය කිරිම සම්බන්ධයෙන් වන චෝදනාව සම්බන්ධයෙන් මාර්ක් සකර්බර්ග් හට අමෙරිකාවේ සෙනට් සභාව ඉදිරියේ කරුණු දැක්විමට පවා සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

සිය ගිණුම්වල රහස්‍යභාවය පිළිබද ප්‍රශ්න කරමින් ගිණුම් හිමියන්ගෙන් ෆේස්බුක් සමාගමට ලැබෙන දුරකථන ඇමතුම් හා විමසිම් දිනෙන් දින ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ. ෆොබ්ස් ආයතනයේ ලැයිස්තුගත කිරිමට අනුව ෆේස්බුක් සමාජ ජාල අඩවියේ හිමිකරු මාර්ක් සකර්බර් ලොව ධනපතියන්ගේ ලැයිස්තුගත කිරිමට අනුව 07 වන ස්ථානයේ පසුවනවා.