Friday, April 19, 2024

General line - 0115112241

විදෙස් මුදල් තොගයක් සමග ඉන්දියානුවා අත්අඩංගුවට 

ටි.කේ.ජි.කපිල 




රුපියල් එක් කෝටි තුන් ලක්ෂ අසූ පන් දහසක් වටිනා විදේශීය මුදල් තොගයක් තායිලන්තයේ බැංකොක් නුවර බලා රැගෙන යාමට තැත්කළ ඉන්දීය ජාතිකයෙකු ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු බැංකොක්හි ව්‍යාපාර කටයුතුවල නිරත වන 50 හැවිරිදි අයෙකු බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක විපුල මිනුවන්පිටිය පවසා සිටියේ. 

සැකකරු කැසිනෝ කී‍්‍රඩාවේ යෙදීම සඳහා මෙරටට පැමිණ ඇති අතර ඔහුගේ ගමන් මල්ලේ තිබී අමෙරිකානු ඩොලර් 67,000ක් සොයා ගෙන ඇති බවද රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කර සිටියා.