Saturday, April 20, 2024

General line - 0115112241

මානව හිමිකම් මණ්ඩලයේ නිර්දේශ ලංකාව ක්‍රියාත්මක කළා - රවිනාථ ආරියවංශ




ජගත් මානව හිමිකම් මණ්ඩලය ලබා දී ඇති නිර්දේශයන් කි‍්‍රයාත්මක කිරීමේදී ශී‍්‍ර ලංකාව ප‍්‍රගතියක් අත්කරගෙන ඇති බව ජිනීවාහි ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ පවසනවා.

අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීම, ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල නව ත‍්‍රස්ත මර්ධන පනත් කෙටුම්පතක් ගෙන ඒමට කි‍්‍රයාකිරීම ඇතුලූ කරුණු ගණනාවක් එලෙස කි‍්‍රයාත්මක කර ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. 

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 37වන සැසිවාරය අමතමින් ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මෙම අදහස් පල කළා.