Thursday, April 25, 2024

General line - 0115112241

පළමු එක්දින තරගයේ ජය පකිස්තානයට

සමන්ත කුමාර




ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින කි‍්‍රකට් තරගය ලකුණු 69කින් ජය ගැනීමට සංචාරක පාකිස්තානු කාන්තා කණ්ඩායම අද සමත් වුණා.
 
රන්ගිරි දඹුළු කී‍්‍රඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කී‍්‍රඩිකාවන් පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 250ක් රැස්කළා. 

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 45යි පන්දු 2 කදි සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 181ක් පමණයි.