Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය උණුසුම් කරයි (VIDEO)

දිනුක් හේවාවිතාරණ/ වසන්ත පිවිතුරු




එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37වන සැසිවාරයේ සමාන්තර සැසි දෙකක් ජිනීවා හිදී පැවැත්වූනා. මෙම සම්මන්ත්‍රණවලට සහභාගීවන ශ්‍රී ලාංකික ගෝලීය සංසදයේ නියෝජිතයින් විසින් දෙමල ඩයපෝරාව ඉදිරිපත්කරණ කරුණු තර්කානුකූලව අභියෝගයට ලක් කිරීමත් සමග අද (20) පැවති එක් සමාන්තර සැසියක් ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ සිංහල ජනතාව විසින් දෙමල කතාකරන මුස්ලිම් ජනතාව විශාල වශයයෙන් සමූලඝාතනය කරන බවට කල ප්‍රකාශයත්, පෝල් නිවුමන් නැමති දෙමල ඩයස්පෝරා නියෝජිතයා විසින් වසර 100 යක් තුල ත්‍රීකුණාමලයේ සිංහල ජන ප්‍රතිශතය ඉහලයාම ගැන රජයට දොස් නගමින් කල ප්‍රකාශයත් ආචාර්ය නාලක ගොඩහේවා විසින් අභියෝගයට ලක් කිරීමත් සමග එහි ඉතා උණුසුම්කාරී තත්වයක් ඇතිවුනා.

කෙසේ නමුත් මෙලෙස ශ්‍රී ලංකා නියෝජිතයින් අදහස් දැක්වීමත් සමග ඇතිවූ උණුසුම්කාරී තත්වයත් සමග එහි සංවිධායකයින් විසින් සමාන්තර සැසිවාරය නවතා දැමීමට පියවර ගෙන් තිබුනා.

මේ එම සිදුවීමේ සම්පුර්ණ වීඩියෝව මෙතැනින්