Friday, April 19, 2024

General line - 0115112241

ආර්ථික ඉලක්ක කරා යෑමට දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍යයි - මහ බැංකු අධිපති

සමන්ත කුමාර




දේශපාලන ස්ථාවරත්වයක් රට තුළ යළි ස්ථාපිත කිරීම අපේක්ෂිත ආර්ථික ඉලක්ක ළගා කර ගැනීමට අත්‍යාවශ්‍ය කරුණක් වන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසනවා. 

දේශපාලන ස්ථාවරත්වයක් නොමැති වටපිටාවක් තුළ අපේක්ෂිත ආර්ථික වර්ධනයක් ළගා කර ගත නොහැකි බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ. ජාතික මූල්‍ය උපාය මාර්ග සකස් කිරීම වෙනුවෙන් පැවති ආරම්භක සැසිවාරයට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියා.