Friday, March 29, 2024

General line - 0115112241

අයි.එස් ත්‍රස්තයන් තම ශ්‍රමිකයන්ට කළ අමානුෂික ක්‍රියාව ඉන්දියාව හෙළි කරයි




ඉරාකයේ කි‍්‍රයාත්මක අයි එස් සටන්කාමීන් විසින් සිය ශ‍්‍රමිකයින් 39 දෙනෙක් පැහැරගෙන ගොස් ඝාතනය කර ඇතැයි ඉන්දියාව අද (20) තහවුරු කළා. ඒ පිළිබඳ විශේෂ ප‍්‍රකාශයක් සිදු කළ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් පැවසුවේ ඝාතනයට ලක්වූ අදාළ ඉන්දියානුවන් පිරිසගේ ඞී එන් ඒ සාමපල ඔවුන්ගේ මෘත ශරීර සමග ගැලපුනු බවයි. ඉරාකයේ පිහිටි සමූහ මිනී වළක තිබියදී අදාළ ශ‍්‍රමිකයින් පිරිසගේ මළ සිිරුරු හමුවී තිබුණා. 

අයි එස් සටන්කාමීන් විසින් අදාළ ශ‍්‍රමිකයින් පිරිස ඉරාකයේ මෝසූල් නගරයේදී පැහැර ගත්තේ ඉකුත් 2014 වසරේදීයි. එතැන් පටන් අදාළ පිරිස මුදා ගැනීමට ඉන්දියාව කොතෙකුත් උත්සහ කළද එම මෙහෙයුම් අසාර්ථක වූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.