Thursday, April 25, 2024

General line - 0115112241

තමන්ට ලැබුණු නියෝගයක් නිසා ෆේස්බුක් නිර්මාතෘවරයා කණස්සල්ලෙන්

වසන්ත පිවිතුරු




ෆේස් බුක් ගිණුම් මිලියන 50 ක පමණ පෞද්ගලික දත්ත අයතා ලෙස භාවිත කිරිම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි රැසක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කමිටුව විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

 

ඒ අනුව ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කමිටුව හමුවේ පෙනී සිටින්නැයි නියෝග කර ඇති බව විදෙස් වාර්තා පවසනවා. එම විමර්ශණය සඳහා අවශ්‍ය සාක්ෂි ලබාදෙන ලෙසයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කමිටුව සකර්බර්ග්ගෙන් ඉල්ලා ඇත්තේ.

 

2016 අමෙරිකා ජනාධිපතිවරණ ප්‍රතිඵලය උරගා බැලීම සඳහා මෙම පෞද්ගලික දත්ත අයතා ලෙස භාවිත කර ඇති බවට ෆේස්බුක් සමාගම වෙත චෝදනා එල්ල වී තිබෙනවා. ලන්ඩනයේ පිහිටි සමීක්ෂණ ආයතනයක් මෙම තොරතුරු ලබාගැනීමට සම්බන්ධ වී ඇති බව සඳහන්. කෙසේ වෙතත් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තමන් කිසිදු නීති විරෝධී දෙයක් සිදු නොකළ බවයි.

 

තමන් සමාජය අතර ඇති මිත්‍රත්වය ගොඩනැගීමේ අරමුණින් ෆේස්බුක් සමාජ ජාලය ස්ථාපිත කළ බවත් එම සත්ක්‍රියාව හේතුවෙන් අවස්ථා ගණනාවක දී තමන් ඊට වන්දි ගෙවා ඇති බවත් ෆේස් බුක් නිර්මාතෘවරයා සිය කණස්සල පල කර තිබෙනවා.