Friday, March 29, 2024

General line - 0115112241

අසාද් සාලිගේ ගුවන් ගමන් බලපත්‍රය නිසා ආගමන විගමන දෙපාර්තමේන්තුවට චෝදනාවක් (PHOTO)

හේමන්ත කහවලගේ




හිටපු පළාත් සභා මන්ත්‍රී අසාද් සාලිට වැරදි තොරතුරු සහිතව ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් රාජකාරී ගමන් බලපත්‍රයක් නිකුත් කර ඇතැයි නෙත් නිවුස් වෙත අනාවරණ වුණා.

මේවන විට පළාත් සභා මන්ත්‍රීවරයෙකු නොවන ඔහුගේ ගමන් බලපත්‍රයේ රැකියාව ලෙස දක්වා ඇත්තේ පළාත් සභා මන්ත්‍රී ලෙසටයි. එහෙත්, එක්සත් ජාතික පක්ෂයෙන් මධ්‍යම පළාත් සභාව නියෝජනය කළ අසාද් සාලි එම ධූරයෙන් ඉල්ලා අස්වුනේ 2016 වසරේ මාර්තු මස 08වනදායි.

මෙම රාජකාරී ගමන් බලපත්‍රය නිකුත් කර ඇත්තේ ඊට පසුව වීම ගැටලූ සහගත කරුණක්. එය නිකුත් කළ දිනය ලෙස දක්වා ඇත්තේ 2017 වසරේ දෙසැම්බර් මස 04 වනදායි.