Wednesday, April 24, 2024

General line - 0115112241

20යි විස්ස නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිරිසක් ඉදිරියට

සමන්ත කුමාර




20යි විස්ස ක්‍රිකට් තරගවල නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ඉදිරියට පැමිණ තිබෙනවා. ඉකුත් දා නිමාවූ නිදහස් කුසලාන 20යි විස්ස ක්‍රිකට් තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වූ කුසල් ජනිත් පෙරේරා නවතම ශ්‍රේණිගත කිරීම් අනුව පිතිකරුවන් අතර 20 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

තිසර පෙරේරා 44 වන ස්ථානයට පත්ව ඇති අතර කුසල් මෙන්ඩිස්ට හිමිව ඇත්තේ 48 වන ස්ථානයයි.

තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර හයවන ස්ථානය තෙක් ඉදිරියට පැමිණීමට තිසර පෙරේරා සමත්ව ඇති අතර පන්දු යවන්නන් අතර 35 වන ස්ථානයට පැමිණීමට අකිල ධනංජය සමත්ව තිබෙනවා.