Tuesday, April 23, 2024

General line - 0115112241

විවිධ උපක්‍රම හරහා ෆේස්බුක් පිවිසුනු ඔබටත් ඊමේල් පණිවුඩයක් ලැබුණාද? (VIDEO)

ඉෂාර සුපෙම් මානගේ/චතුරංග සූරියආරච්චි




පසුගිය කාලසීමාවේදී විවිධ උපක්‍රම භාවිතා කරමින් ෆේස්බුක් වැනි සමාජ ජාල වෙත පිවිසුණු පිරිස් වෙත ඔවුන්ගේ ඊමේල් වෙත විශේෂිත ඊමේල් පණිවුඩයක් ලැබී තිබෙන්නේදැයි යන්න පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පෙන්වා දෙනවා.

එවැනි ඊමේල් පණිවුඩයක් ලැබී තිබෙන්නේ නම් ඊට ආරක්ෂා කාරී ලෙස ප්‍රතිචාර දැක්විය යුතු බවයි එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් ඔහු දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් දැක්වෙයි.

එහිදී යොමු කෙරුණු ප්‍රශ්න පහත පරිදි වෙයි,

01 ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය නැමැති ආයතනය කුමක්ද?

02 ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය නිවරැදි භවිතයක් ඇති තැනක් බවට පත් කරන්න පුළුවන් කොහොමද?

03 ෆේස්බුක් ගිනුම් අධීක්ෂණය කිරීමට රජයට හෝ වගකිව යුතු මෙරට ආයතනයකට මේ වන විට හැකියාවක් තියෙනවාද?

04 ෆේස්බුක් ආයතනය වෙනත් රටවලට එම අවස්ථාව ලබා දීලා තියෙනවාද?

05 ෆේස්බුක් වැනි සමාජ ජාල නිසා රටේ ගැටලු ඇති වෙන බවට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තොත් මොනවගේ තත්ත්වයක් ඇති වෙයිද?

06 VPN වැනි ක්‍රම වලින් ෆේස්බුක් වෙත පිවිසීම අනාරක්ෂිත විය හැකිද?