Friday, March 29, 2024

General line - 0115112241

අගමැතිට එරෙහි විශ්වාසභංගයට අත්සන් කළ අය මෙන්න (PHOTOS) (UPDATE)

හේමන්ත කහවලගේ/සජිත් තිලකරත්න




අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව මේ වන විට කතානායකවරයා වෙත භාර දී තිබෙනවා.

ඊට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු 51 දෙනෙක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 04 දෙනෙකු අත්සන් තබා තිබෙනවා.

(එම ලේඛණය පහතින් දැක්වෙයි)

 

-----------------------------------

අත්සන් 55 ක් සමගින් අගමැතිට එරෙහි විශ්වාසභංගය භාරදෙයි (PHOTOS) (UPDATE)

(21-03-2018 14:20)

 

අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව මේ වන විට කතානායකවරයා වෙත භාර දී තිබෙනවා.

මෙම විශ්වාසභංග යෝජනාව සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු 51 දෙනෙක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 04 දෙනෙකු අත්සන් තබා ඇති බවයි වාර්තා වුණේ.

.

---------------------------------------------

අගමැතිට එරෙහි විශ්වාසභංගය භාරදෙන වෙලාව හදිසියේ වෙනස් කරයි - හේතුව මෙන්න

(21-03-2018 12:52)

(සජිත් තිලකරත්න)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව අද (21) කථානායකවරයාට බාරදීමට නියමිතව තිබුණේ පස්වරු 1.30 ටයි.

කෙසේවෙතත් එම කාලය අද පස්වරු 2.00 දක්වා කල් දැමීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ රාහු කාලය බලපාන බැවින් බවයි වාර්තා වෙන්නේ.

----------------------------------------

ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවට කැඳවයි

(21-03-2018 11:25)

(හේමන්ත කහවලගේ/සජිත් තිලකරත්න)

 

ඒකාබද්ධ විපක්ෂයේ සියලූ මන්තී‍්‍රවරුන්ට අද (21) දිනයේ පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව පස්වරු 01.30ට ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන්ගේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි.

අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද කථානායවරයා වෙත භාර දෙන බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ පැවසුවේ ආණ්ඩුව නියෝජනය කරන කිහිප දෙනෙකුගේද අත්සන් සහිතව එම යෝජනාව කථානායකවරයා වෙත භාර දෙන බවයි.