Saturday, April 20, 2024

General line - 0115112241

යොවුන් පුරය සඳහා 'තරුණ දෑත්වලින්' කඳවුරු බිම සකස් කෙරේ (PHOTOS) 




නම වැනි යොවුන් පුරය සඳහා කඳවුරු බිම සකස් කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

දිවයිනේ විවිද ප්‍රදේශවල සිට පැමිණි තරුණ තරුණියන් රැසක්  නිකවැරටිය පශු සම්පත් මණ්ඩල භූමි පරිශ්‍රයේ මේ දිනවල රැඳී සිටින අතර ඔවුන් මාර්තු මස 28 වැනි දින ආරම්භ වන යොවුන් පුරය සඳහා අවශ්‍ය පහසුකම් සැකසීම ආරම්භ කර ඇති බවයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ සඳහන් කළේ.

යොවුන් පුරය සඳහා පැමිණීමට නියමිත තරුණ තරුණියන් 7000කට අධික පිරිසක් සඳහා පහසුකම් සැකසීම ඔවුන් වෙතින් සිදු වනවා.

යොවුන් පුරය සඳහා කඳවුරු බිම සකස් කිරීම සිදු වන ආකාරය පහත ඡායාරූපවලින් දැක්වෙයි.