Saturday, April 20, 2024

General line - 0115112241

ෆේස්බුක් සම්බන්ධයෙන් නීතිය දැඩි කරමින් ඇපල් සහ ගූගල් සමාගම්වලට නඩු

වසන්ත පිවිතුරු




ඇපල් සහ ගූගල් සමාගම්වලට එරෙහිව ප්‍රංශ රජය එරට පාරිභෝගික අධිකරණයේ නඩුවක් ගොණු කර තිබෙනවා. ඒ, ඇප් (app) නිර්මාණ කිරිමේ දී ඇපල් සහ ගූගල් සමාගම් එය භාවිත  කරන්නන් මුලා කර ඇති බව චෝදනා නඟමින්.

 

හුදෙක් ව්‍යාපාරික අරමුණින් මෙම සමාගම් ඇප් (app) භාවිත කරන්නන් මුලා කර ඇති බවයි සඳහන් වන්නේ.

 

ප්‍රංශයේ මුදල් අමාත්‍යවරයා විසින් මෙම නඩුව ගොණු කර තිබෙනවා. ඔහු සඳහන් කර තිබෙන්නේ අදාළ සමාගම් විසින් විවිධ ආකාරයේ ඇප් (app) වර්ග නිර්මාණය කර ඇතත් එය භාවිත කරන පිරිස් බාගත කර ගැනීමෙන් පසු ක්‍රියාත්මක නොවන ආකාරයෙන් නිර්මාණය කර ඇති බවයි.

 

ඉන් ඇප් (app) භාවිත කරන පිරිස් මුලාවට ලක්වන බවත් එම වංචනීය ක්‍රියාවට එරෙහිව තමන් මෙම නඩුව ගොණු කර ඇති බවත් ප්‍රංශයේ මුදල් අමාත්‍යවරයා කියා සිටියා.

 

මේ අතර වර්ගවාදය,ආගම්වාදය,ජාතිවාදයට අනුබල දෙන වෛරය හා ක්‍රෝධය ඇති වන  ආකාරයෙන් අන්තර් ජාලයට සම්බන්ධ සමාජ ජාලා ඔස්සේ සිදුකරන නීති විරෝධි ප‍්‍රකාශන වලට එරෙහිව නව නීතී  මාලාවක් ගෙන ඒමට ප‍්‍රංශ රජය තීරණය කර තිබෙනවා.

 

ඒ අනුව අන්තර් ජාලය භාවිතා කරමින් මුහුණු පොත, ට්විටර් ගිණුම්, යු ටියුබ් , ඉන්ස්ට‍්‍රැග්‍රෑම්රෙඩිට් හා වෙනත් සමාජ ජාලා ආදිය අයත් සමාජ ජාලකරණයන්හී වෛරය හා ක්‍රෝධය ඇතිවන අයුරින් පළ කරන අදහස් වලින් සමන්විත වදන්, කාටුන්, චිත‍්‍ර හා වෙනත් දැ හඳුනා ගැනීමෙන් පසු පැය 24ක් ඇතුළත එම ගිණුම් වලින් ඉවත් කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බවයි ප්‍රංශ රජය සඳහන් කර ඇත්තේ.

 

එම ප්‍රකාශන අයත් ගිණුම්වලට අන්තර් ජාල පහසුකම් සපයන සමාගම් හා අදාල ගිණුම් හිමියන් හඳුනා ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කර විශාල දඩ මුදලක් සහිතව දැඩි දඬුවම් ලබා දීමටත් අවශ්‍යය නව නීති මාලාවක් ගෙන ඒමට ප්‍රංශ රජය සුදානම් වනවා.

 

ඒ අනුව ඉදිරි කාලය තුලදී ප‍්‍රංශය තුළ වර්ගවාදයට උඩ ගෙඩි දෙමින් වෛරය හා ක්‍රෝධය පිළිබිඹු වන දේ පළ කරන පුද්ගලයන් අත්අඬංගුවට ගෙන දැඩි දඬුවම් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ප්‍රංශ රජය නිවේදනය කර තිබෙනවා.

 

ඒ සඳහා සමාජජාලා විශේෂඥයන්ගේ උපදෙස් පරිදි විශේෂ පරීක්ෂණ කාර්යාංශයක් අභ්‍යයන්තර ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ පොලිස් දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කර පැය 24 පුරාවට ඒ ගැන විමසිල්ලෙන් සිටින බවයි වාර්තා වන්නේ.