Saturday, April 20, 2024

General line - 0115112241

වගකීම් දරාගත නොහැකිව ජනපතිවරයෙක් ධූරයෙන් ඉවත් වෙයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන්




"වර්තමාන රාජකාරි හා වගකීම් වලින් විවේකයක් ගැනීම සඳහා" අවශ්‍ය බව පවසමින් මියන්මාරයේ සිවිල් ජනාධිපති හෙන්චි කියෝ වහාම ක්‍රියාත්මක වන පරිදි  සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. 

ජනාධිපතිවරයා ඉල්ලා අස්වු බව ජනාධ්පති කාර්යාලය විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ නිවේදනයක්ද පල කර තිබෙනවා.

මියන්මාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව,  උප ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේන් ජේෂ්ඨතමයා ජනාධිපති තනතුර සදහා පත්වනු ඇති අතර දින 07 ක් ඇතුලත නව නායකයා තෝරා පත්කරනු ලබන තුරු ඔහු වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කිරිමට නියමිතයි.

මේ අනුව මිලිටරිය විසින් පත් කරන ලද උප ජනාධිපතිවරයෙකු වන මියෙන්ට් ස්වේ ඉදිරි දින 07ක කාලය සදහා වැඩබලන ජනාධිපති බවට පත්වනු ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

කෙසේ නමුත් වැඩබලන ජනාධිපතිවරයාව මිලග ජනාධිපතිවරයා ලෙසට පත් කිරිමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව හැකියාවක් නැති බවයි වාර්තා වන්නේ.