Tuesday, April 23, 2024

General line - 0115112241

අගමැතිට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් පසු අවශ්‍ය තීරණ ගන්නවා - දකුණේ මහ ඇමති

සමන්ත කුමාර




පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඊයේ (20) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා වී තිබෙනවා.

ඒ අනුව එක් එක් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ක්‍රියා කළයුතු ආකාරය තීරණය කිරීම අදාළ ආසන සංවිධායකවරයා, දිස්ත්‍රික් සංවිධායකවරයා සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත පැවරීමටයි තීරණය වී ඇත්තේ.

මේ අතර ඊයේ (20) රාත්‍රියේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත කරුණු දැක්වූ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඒ පිළිබඳ සලකා බලා තීරණයක් ගැනීමට නියමිත බවයි.