Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා බංග්ලාදේශ උණුසුම් තරගයෙන් පසු තිසර සහ මහමුදුල්ලා එකම කණ්ඩායමෙන් තරග කරයි

කසුන් කැලුම් / සමන්ත කුමාර




නිදහස් කුසලාන තරගාවලියේදී උණුසුම් හා උද්වේගකර මුහුණුවරක් ගත් ශ්‍රී ලංකා, බංග්ලාදේශ විස්සයි විස්ස තරගයෙන් පසු දෙරටේ ක්‍රීඩකයන් දෙදෙනෙකු ඊයේ (20) මුල් වරට එකම කණ්ඩායමකට ක්‍රීඩා කළා.

, පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේයි. ක්වෙටා ග්ලැඩියේටර් කණ්ඩායම නියෝජනය කරමින් එම තරගයට ක්‍රීඩා කළේ ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා සහ  ශ්‍රී ලංකාව සමග පැවැති තිරණාත්මක තරගයේදී බංග්ලාදේශයට ජය අත්කර දුන් මහමුදුල්ලායි.

මෙම තරගයේදී තිසර ලකුණු 12ක් රැස්කළ අතර මහමුදුල්ලා රැස්කළේ ලකුණු 19ක් පමණයි. පන්දු යැවීමේදී තිසර ලකුණු 24කට කඩුලූ 2ක් දවා ගත් අතර මහමුහුදුල්ලා ලකුණු 20කට එක් කඩුල්ලක් දවා ගත්තා. කෙසේවෙතත් මෙම තරගයේදී ඔවුන් නියෝජනය කළ ක්වෙටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට පෙශාවර් සල්මි කණ්ඩායම හමුවේ එක් ලකුණුක පරාජයක් අත්වුණා.