Saturday, April 20, 2024

General line - 0115112241

විශ්වාසභංගයට පිළිතුරු දෙන්න එජාපය සැරසේ (VIDEO)




පසුගිය කාලයේ කරන ලද වංචාවන් දුෂණයන් සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම වළක්වාලීම අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කරන බව කියන විශ්වාසභංග යෝජනාව ගෙන ඒමේ අරමුණ වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පව් සෝදා ගැනීම සඳහා මෙම විශ්වාසභංග යෝජනාව තුළින් උත්සහ දරන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකුත් ඒ සඳහා සහයෝගය ලබා නොදෙන බව සඳහන් කරන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එවැනි මොළය අබලන් වූවන් පක්ෂයේ සිටින බව තමන් නොසිතන බවයි කියා සිටියේ.

පක්ෂයට මෙන්ම රටට ආදරය කරන අය මෙන්ම හොරු අල්ලා නීතිය ක්‍රියාත්මක කිරීමට කැමති අය මේ සඳහා සහාය නොදෙන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

ඒ අනුව මෙම විශ්වාසභංග යෝජනාව පරාජය කරන බව අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මේ සමග නැරඹිය හැකියි.