Friday, April 19, 2024

General line - 0115112241

අල්ලස් ගත් ASPට ඇප




රුපියල් 30,000ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරීවරයා ඇප මත මුදා හැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (21) නියෝග කළා. ඒ, රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5ක  ශරීර ඇපයක් මතයි.

වෙන්නප්පුව ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක හිමිකරුගෙන් අල්ලස් ලබා ගැනීමේදී සැකකරු අත්අඩංගුවට ගැණුනේ පසුගිය මස 26 වනදායි.