Friday, March 29, 2024

General line - 0115112241

විශ්වාසභංගය ගෙනආවත් වෙන්නේ මෙන්න මේකයි

රංජිත් රාජපක්ෂ - හැටන්




අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්  ගෙනාවත් 2020 වසර තෙක්  අග‍්‍රාමාත්‍යවරයා රනිල් වික‍්‍රමසිංහ මහතාම බව අමාත්‍ය පි.හැරිසන් අවධාරණය කරනවා.

ඒකාබද්ධ විපක්ෂයට උවමනා පරිදි  ආණ්ඩුවත් රටත් පාලනය කිරිමට වත්මන් ආණ්ඩුව කටයුතු නොකරන බව ග‍්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පි.හැරිසන් කියා සිටියේ අද (21) අඹේවෙල හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාවේ නිරික්‍ෂණ චාරිකාවකට එක්විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි. 

රට පාලනය කිරිමට ජනාධීපතිවරයාටත් අග‍්‍රාමාත්‍යවරයාටත් ක්‍රමවේදයක් ඇති බවත් එම ක‍්‍රමවේදයට පටහැනිව රට පාලනය කිරිමට කිසිවෙකුටත් නොහැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ. 

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ති‍්‍රවරුන් පිරිසක් එක්ව අත්සන් කර ඇති විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ති‍්‍රවරුන් කිහිපදෙනෙකු අත්සන් කර ඇතත්, එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකුත් එම විශ්වාසභංග යෝජනාවට අත්සන් කර නැති බවට තමන්ට විශ්වාසයැයිද ඔහු මෙහිදී පැවසුවා.