Thursday, March 28, 2024

General line - 0115112241

සභිකයින් බෙදුණු හැටි ගැටළුවක් ! අගනුවර පාලනයට අතුරු තහනමක් ඉල්ලයි




ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ මන්ත‍්‍රී ධුර බෙදීයාම ගැටළු සහගත බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (21) රීට් පෙත්සමක් ඉදිරිපත් වුණා. එය ඉදිරිපත් කළේ හිටපු නගරාධිපති ජනක රණවක විසින්.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට තේරීපත් වූ සභික සංඛ්‍යාව අතරින් නියමිත සභික ධුර සංඛ්‍යාවක් තම පක්ෂයට ලැබී නොමැති බවයි ඔහු සිය පෙත්සමෙන් දක්වා ඇත්තේ. ඒ අනුව කෝට්ටේ මහ නගර සභාවට නගරාධිපතිවරයෙකු හා උප නගරාධිපතිවරයෙකු පත් කිරීම වැළැක්වීමට එහි සැසිවාර පැවැත්වීම නවත්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු නගාරාධිපති ජනක රණවක වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. 

ඉකුත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්ද 22,068ක් ලබාගත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත‍්‍රී ධුර 18ක් හිමිව ඇති බව එම පෙත්සමේ සඳහන්. එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව ඡන්ද 26,000ක් ලබාගෙන තිබුණද හිමි වී ඇත්තේ මන්ත‍්‍රී ධුර 17ක් පමණක් බවයි පෙත්සම්කරු පෙන්වා දෙන්නේ.