Tuesday, April 23, 2024

General line - 0115112241

දිගන සිද්ධියට සම්බන්ධ මන්ත්‍රී කෙනෙක් ගැන පොලිස් පරීක්ෂණ




මහනුවර දිගන ප්‍රදේශයේ පසුගියදා පැවැති නොසන්සුන්කාරී සිද්ධීන්ට සම්බන්ධ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් පොලිසිය ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (21) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීය.
 
අදාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ යම් යම් කටයුතු සහ ඔහු පොලිස් ස්ථානයට ගොස් සිදු කර ඇති බලපෑම් ආදිය සම්බන්ධයෙන් කරුණු රැසක් මේ වන විට හෙළිවී තිබෙන බව ද ඇමැතිවරයා පැවසුවා. මෙම මන්ත්‍රීවරයා කවුදැයි ඉදිරියේදී හෙළිකරන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.